Posts

Showing posts from 2020

Natural collagen morning drink

Image
අද අපි බලමු ස්වාභාවික කොලැජන් පානයක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.  සමේ තරුණ පෙනුම රැකගන්න වගෙම ශරීර අභ්‍යන්තරයටත් හොද පෝෂනයක් ලැබෙන පානයක් තමයි මේක.. සමේ රැලි ඉවත් කර සමේ තරුණ පෙනුම බොහෝ කල්  රැකදෙනවා.. සමේ එල්ලා වැටුන මලානික  ගතිය දුරු කර සමේ නැති වී ගිය ඉලාස්ටික් ගතිය නැවත ඇති කරනවා ශරීර අභ්‍යන්තරයට ද බොහෝ ගුණදායකයි.. හරි යාලුවනෙ අපි බලමු මේ නැචුරල් කොලැජන් ඩ්‍රින්ක් එක හදාගන්නේ කොහොමද කියලා.. අවශ්‍ය ද්‍රව්‍ය 👉 උලුහාල් තේ හැන්දක්                               වියලි මිදි කිහිපයක් (මුද්දරප්පලම්) බොහොම පහසුයි නේද මේ දේවල් අපිට අර ගන්න.. උනන්දුව විතරයි ඔන්න ඉතින් ඔයාගෙ තියෙන්න ඕනී.. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා.. මුලින්ම ඔයා කරන්න ඕනී උලුහාල් තේ හැදි එකක් ගෙන සෝදා පිරිසිදු කර ගන්න .. පසුව එයට වතුර එක කොප්පයක් පමණ එකතු කර රැයක් එලිවන තුරු පෙගෙන්නට ඉඩ හරින්න .. පසුදින උදෑසන මේ පෙගෙන්න තැබූ උලුහාල් ටික සහ එම වතුර ටිකත් ලිප තබා විනාඩි තුනක් පමණ කාලයක් රත් කරගන්න..  දැන් මේක ලිපෙන් ඉවතට අරගෙන කෝප්පයකට පෙරා  අරගන්න.. එම පෙරාගත් උලුහාල් වතුර ටිකට වියලි මිදි කිහිපයක්

Best hair regrowth secret

Image
මුලින්ම දැක්කෙ මොකක්ද පොරොන්දුවක් නේද.. ? ඔව් ඔව්.. ඒක මගෙන් ඔයාලට ලැබෙන පොරොන්දුවක්..  දිගම දිග ලස්සන කොන්ඩයකට ආසයිද ඔයත් නැතිනම් දවසට ගැලවී යන හිසකෙස් ප්‍රමාණය නිසා  ඔයත් කනස්සල්ලෙන්ද .. ? නෑ නෑ.. අද ඉදන් මේ ගැන කරදර වෙන්නම ඕන නෑ..  මන් මේ කියලා දෙන සත්කාරය හරි විදිහට කරලා බලන්න.. ඔයාටම අදහාගන්න බැරි තරමේ ප්‍රතිඵල ලබාදෙන 100%ක් ස්වාභාවික සත්කාරයක්.. අපි බලමු මේ සත්කාරය කරන්නේ කොහොමද කියලා..  අවශ්‍ය ද්‍රව්‍ය 👉 සහල් තේ හැදි දෙකක්                               කරපිංචා ඉති තුනක්                               වද මල් කොල අටක්                               කරාබු නැටි එකක්                               වතුර කෝප්ප දෙකක් හෝ තුනක් මෙන්න මේ දේවල් තමයි අවශ්‍ය වෙන්නෙ හරිම පහසුවෙන් අපිට මේ දේවල් හොයාගන්න පුලුවන් .. මෙතනදි වද මල් ගන්න කොට ඕන වද මල් වර්ගයක කොල ගන්න පුලුවන් ... මේ දේවල් හොදින් සෝදලා අරගෙන වතුර කෝප්ප දෙකත් එකතු කරලා  බාජනයකට දාලා ලිපේ තියලා ගොඩක් අඩු ගින්දරේ රත් කර ගන්න විනඩි 3ක් ටික වෙලාවකින් ඔයාලටම පෙනේවී වතුර එකේ පාට වෙනස් වෙනවා ටිකක් රතු පාටින් වගේ.. එතකොට ලිපෙන්

Whitening face pack

Image
කොහොමද යාළුවනේ ඔන්න ඉතින් සෙනූ අදත් ආවා ලස්සන රහසක් අරගෙන..  මේ අවුව රස්නෙත් නිසා ඔයාගෙ සමත් වියලී ගොස් ඇත්ද මුහුනේ කුරුලෑ පිරිලා වදදෙනවද?? ඒ හැමදේකටම වඩා මූන අදුරු වෙලා ගිහින්ද ?? තවත් දුක් වෙන්න එපා.. මේ හැමදේකටම එකම විසදුමක් ගැන අපි අද කතා කරමු..  අද මන් කියන්න යන්නේ රත් හදුන් ආලේපනය ගැනයි මේ රත් හදුන් වලට හැකියාව තියෙනවා සම ගොඩක් හොදින් පෝෂණය කිරීමට ඒ වගෙමයි සමේ දැවිල්ල ගතිය අඩු කරලා සමට අවශ්‍ය තෙතමනය රැක දෙනවා.. ඒ හැමදේකටම වඩා සම ඉතාමත් හොදින් පැහැපත් කරනවා.. අපිට බොහොම පහසුවෙන්ම රත් හදුන් ආයුර්වේද බෙහෙත් බඩු කඩයකින් අරගන්න පුලුවන් ..  හරි යාලුවනේ වැඩි කතා ඕන නෑ අපි බලමුකෝ මේ ආලේපනය හදාගන්නේ කොහොමද කියලා   අවශ්‍ය ද්‍රව්‍ය 👉 රත් හදුන් කුඩු තේ හැදි 1 හොදින් ඉදුනු ගස්ලබු ගෙඩියක මදය තේ හැදි 2 මෙන්න මේ දෙවල් තමයි යාළුවනේ අපිට ඕන වෙන්නෙ මුලින්ම ඔයා කරන්න ඕනී පිරිසිදු කර තෙත මාත්තු කර ගත් මුහුනේ ඇස් වටා හැර කලින් සදහන් කල දේවල් එකට මිශ්‍ර කර හොදින්  ආලේප කරන්න. පසුව විනාඩි 20ක් වියලෙන්නට ඉඩ හැර සාමාන්‍ය වතුරෙන් සෝදා පිරිසිදු කර ගන්න.. මෙය සතියකට දින දෙකක් හෝ තුන

Ayurvedic face steam

Image
                                අපි හැමෝම දන්න ෆේස් ස්ටීම් එක ගැන වෙනස්ම විදිහකට කරන හැටි කියලා දෙන්නයි ඔන්න මන් දැන් හදන්නෙ.. ෆේස් ස්ටීම් ගැන නම් දැන් ගොඩක් දෙනා දන්නවා.. දන්න නොදන්න අයටත් දැනගන්නත් එක්ක මන් පුංචි හදුන්වාදීමක් කරන්නම්..                             ඇත්තෙන්ම මොකක්ද මේ ෆේස් ස්ටීම් කරනවා කියන්නෙ.. ෆේස් ස්ටීම් කියන්නෙ අපේ සම තරමක් පිටතින්  උනුසුම් කර ගැනීමක් .. . ක්ලීනප් එකකදි අනිවාර්‍ය පියවරක් හැටියට අපි මේ ෆේස් ස්ටීම් එක සිදු කරනවා..   ෆේස් ස්ටීම් එකකදි සිදුවන දේ ගැන කතා කරනවා නම් මෙහෙමයි යාලුවනේ.. ෆේස් ස්ටීම් එකක් සිදු කිරීමෙන් අපේ සමේ සෑම සිදුරක්ම ඕපන් වෙලා  ඇතුලාන්තයේ ඇති අනවශ්‍ය තෙල් ගතිය පිටතට පැම්ණිනෙනවා.. සමේ ඇතුලත ඇති කුනු දුහුවිලි පහසුවෙන්ම ඉවත් කර ගන්න පුලුවන් අපිට මේ ෆේස් ස්ටීම් එකක් කිරීමෙන්..  ෆේස් ස්ටීම් එකක් දිනපතා කිරීම සුදුසු නැහැ.. එසේ දිනපතා හෝ වැඩි කාලයක් මුහුන ස්ටීම් කිරීමෙන් සම රැලි වැටීමක් සහ සම වියලීමක් සිදු වෙනවා එනිසා  සතියකට එක් දිනක් පමණ සෑහේ ....  ක්ලීනප් එකකට නම් ඔබ ෆේස් ස්ටීම් කරන්නේ එය මාසයකට දෙවතාවක් පමණ කිරීම ප්‍රමාණවත්.. ..   ෆේස්