Best hair regrowth secret

මුලින්ම දැක්කෙ මොකක්ද පොරොන්දුවක් නේද.. ? ඔව් ඔව්.. ඒක මගෙන් ඔයාලට ලැබෙන පොරොන්දුවක්..  දිගම දිග ලස්සන කොන්ඩයකට ආසයිද ඔයත් නැතිනම් දවසට ගැලවී යන හිසකෙස් ප්‍රමාණය නිසා  ඔයත් කනස්සල්ලෙන්ද .. ? නෑ නෑ.. අද ඉදන් මේ ගැන කරදර වෙන්නම ඕන නෑ..  මන් මේ කියලා දෙන සත්කාරය හරි විදිහට කරලා බලන්න.. ඔයාටම අදහාගන්න බැරි තරමේ ප්‍රතිඵල ලබාදෙන 100%ක් ස්වාභාවික සත්කාරයක්..



අපි බලමු මේ සත්කාරය කරන්නේ කොහොමද කියලා..
 අවශ්‍ය ද්‍රව්‍ය 👉 සහල් තේ හැදි දෙකක්
                              කරපිංචා ඉති තුනක්

                              වද මල් කොල අටක්

                              කරාබු නැටි එකක්

                              වතුර කෝප්ප දෙකක් හෝ තුනක්

මෙන්න මේ දේවල් තමයි අවශ්‍ය වෙන්නෙ හරිම පහසුවෙන් අපිට මේ දේවල් හොයාගන්න පුලුවන් .. මෙතනදි වද මල් ගන්න කොට ඕන වද මල් වර්ගයක කොල ගන්න පුලුවන් ...

මේ දේවල් හොදින් සෝදලා අරගෙන වතුර කෝප්ප දෙකත් එකතු කරලා  බාජනයකට දාලා ලිපේ තියලා ගොඩක් අඩු ගින්දරේ රත් කර ගන්න විනඩි 3ක් ටික වෙලාවකින් ඔයාලටම පෙනේවී වතුර එකේ පාට වෙනස් වෙනවා ටිකක් රතු පාටින් වගේ.. එතකොට ලිපෙන් බාන්න.. මේක නිවෙන්න තියලා බෝතලයකට එම  වතුර ටික පෙරලා අර ගන්න .


දැන් මේකෙන් ටිකක් අරන් හිස්කබලේ හොදට ආලේප කරන්න.. පසුව විනාඩි 45ක් ඉන්න දැන් සැර නැති (ආයුර්වේද ) ශැම්පු එකක් බාවිතා කර හොදින් සෝදා පිරිසිදු කර ගන්න.  සතියකට දින තුනක් මේ සත්කාරය කරන්න.. ඔයා සිහින දකින වරලසක සිහිනය ඉටු කර ගන්න මෙය ඔබට මහත් උපකාරී වේවී..


ලස්සන රහස් දැනගන්න දිගටම රැදිලා ඉන්න

හැමෝටම ආදරෙයි 😘
Thank you


SeNu

Comments

Post a Comment

Popular posts from this blog

Full body skin glowing treatment

Best face skin porsess treatment

Skin whitening rice cream