Full body skin glowing treatment

කොහොමද යාලුවනේ ඔන්න අදත් මන් ආවා ඔයාලට ලස්සන රහසක් අරගෙන..😘😘😘😘😘
           ගොඩක් දෙනා මැසිවිලි නගන කාරනාවක් තමයි.. අනේ මගේ මූනට වඩා අත් කකුල් කලු වෙලා ස්කින් එකත් ඩ්‍රයි වෙලා කියලා... ඔයාගෙ මුහුන ගැන කොයිතරම් සැලකිලිමත් උනත් වැඩක්නෑ අත් කකුල් ගැන ඔයා උනන්දුවක් නැතිනම් මොකද දකින කෙනෙක්ට ඒක අප්‍රසන්න වෙන්න පුලුවන් ..  

             ඉතින් අන්න ඒ ගැටලුවට ගොඩක් හොද ප්‍රතිඵල ගන්න පුලුවන් ට්‍රීට්මන්ට් එකක් ගැන කියලා දෙන්නයි ඔන්න අද මන් සූදානම...😘😘😘😘
                             


අපිට මේකට මුලින්ම අවශ්‍ය වෙනවා පිරිසිදු පොල්තෙල්...... පිරිසිදු පොල් තෙල් ස්වල්පයක් ගෙන අත් වල කකුල් වල ආලේප කරලා හොදින් සම්බාහනය කරන්න ඕනි යාලුවනේ   .... එසේ විනාඩි 10ක් පමණ සම්බාහනය කර ගත් පසුව අපි මේ පොල් තෙල් ටික ශරීරයෙන් ඉවත් කර ගන්න ඕනී ඒකට සුදුසු කපු රෙදි කැබැල්ලක් හෝ ටිශූ බාවිතා කරන්නත් පුලුවන් අපිට... ශරීරයේ උඩු අතට පිස දමමින් අපි ශරීරයේ ආලේප කර ගත් පොල් තෙල් ටික පිසදාගන්න ඕනී...  එතකොට ඔයාලටම බලා ගන්න පුලුවන් ඒ රෙදි කැබැල්ලට හෝ ටිශූ එකට ඔයාගෙ ශරීරයේ තියෙන කුණු ගැවිලා තියෙනවා ... ඔයාගෙ ස්කින් එකේ තියෙන මැරුණු සම හොදින් ඉවත් කර ගන්න පුලුවන් මේකෙන්...

                               
2nd steps එක හැටියට අපිට තියෙන්නේ අවුවට පිලිස්සුන සම ඉවත් කර ගන්න එක... ඒකට අපිට ස්කින් එක හොදින්  ස්ක්‍රබ් කරගන්න වෙනවා... හරි අපි බලමූ මේ ස්ක්‍රබ් එක කරන්නේ කොහොමද කියලා ...
අපිට මේකට අවශ්‍ය වෙනවා පොල් තෙල් තේ හැදි 02ක් ආමන්ඩ් පවුඩර් ( සිංහල බෙහෙත් බඩු කඩවලින් හෝ supermarket එකෙන් ගන්න පුලුවන් rs300.00 සිට ඉහලට තියෙනවා )  තේ හැදි එකක්.. සීනී තේ හැදි එකක්... යාලුවනේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණය අනුව ඉහත මන් සදහන් කරපු ප්‍රමාණයන් වෙනස් කර ගන්න පුලුවන් ..😘😘😘😘😘😘
       මේ සියල්ලම හොදින් කලවම් කරගන්න පසුව අත් කකුල් වල ආලේප කරලා හොදින් කවාකාරව ස්ක්‍රබ් එක සිදු කරගන්න.. පසුව එය සාමාන්‍ය වතුරෙන්  සෝදා ඉවත් කර ගන්න..

අවසානේදී තියෙන්නේ skin whitening oill massage එක හදාගන්න මේකෙදි අපිට අවශ්‍ය වෙනවා... පිරිසිදු පොල්තෙල් තේ හැන්දක් ලෙමන් යුශ හෝ දෙහි ස්වල්පයක්.. කස්තුරි කහ තේ හැදි බාගයක් පමණ... මේ සියල්ලම එක් කර හොදින් කලවම් කරන්න  ... දැන් මේ ඔයිල් එක ආලේප කරලා හොදින් මසාජ් කරන්න...විනාඩි 15කින් පසුව ඔයාලට පුලුවන් ශවර් ජෙල් එකක් හෝ බොඩි වොශ් එකක් පාවිච්චි කරලා මෙය සෝදා ඉවත් කරගන්න..... සතියකට දින දෙකක් හෝ තුනක් බාවිතා කිරීම ප්‍රමාණවත් ...... ස්කින් එක පැහැපත් වෙන අයුරු බලාගන්න පුලුවන් ඔයාලට පලමු දින දෙක තුලම😘😘😘😘


තවත් මෙවැනි beauty tips ගැන දැන ගන්න දිගටම රැදිලා ඉන්න අපිත් එක්කම...





🙏ස්තූති 🙏

Comments

Post a Comment

Popular posts from this blog

Best face skin porsess treatment

Skin whitening rice cream