Rose bud tea

හායි යාලුවනේ
         ඔන්න ඔයාලට අද ඉදන් හැමදාම ලස්සන රහස් අරන් එන්න මන් සූදානම්... ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා හැමදාම www.beautytipswithsenu.com එක්ක දිගටම රැදිලා ඉන්න කියලා ..😘😘😘😘...

හරි යාලුවනේ අද මන් පලමුවරට ඔයාලට කියලා දෙන්න හදන්නේ රෝස තේ ගැන..🌹 ☕  හැමෝම දන්න දෙයක් නේ රෝස වතුර වලින් ටෝනර් එකක් හදා ගන්න එක... ඉතිං අපි අද අලුතින් ඉගෙන ගමු මේ රෝස තේ එක ගැන

මොකක්ද මේ රෝස තේ කියන්නෙ?... ඒකෙන් අපිට ලැබෙන ගුණ මොනවාද?

🌹රෝස තේ වලින් ඔබේ සෞඛ්‍යයට බොහෝ ආකාරවලින් වාසි ලැබෙන අතර එය ඔබට නොදැනීම සිදු වන්නකි....

🌹 රෝස මලෙහි අඩංගු වන විටමින්  A , C සහ antioxidants  නිසා සමට හොද ආරාක්ශාවක් ලැබෙනවා වගෙම කලක් බාවිතා කිරීමෙන් සුමුදු සමක් ලබා ගන්න පුලුවන් ..

🌹තෙල් සහිත සමට හිතකරයි.. කුරුලෑ ඇතුලාන්තයෙන්ම සුවපත් කරයි..

🌹හිසකෙස් වලටද වඩාත් ගුණදායක වේ..


☕  rose bud tea එක හදා ගන්නේ කොහොමද කියලා බලමු..😍😍😍

මුලින්ම මේකට අවශ්‍ය වෙනවා රෝස පොහොට්ටු.. හෝ රෝස මල් පෙති.. යාලුවනේ ඔයාලා රෝස පොහොට්ටු ගන්නවානම් පෙති ගොඩක් දිගනොහැරුනු රෝස පොහොට්ටු අරගන්න.. මොකද පෙති බාගෙට දිගහැරුනු රෝස පොහොට්ටු තුල ඉතා කුඩා සත්තු ඉන්න ඉඩ තියෙනවා 🌷🌷🌷🌷🌷🌷
           මුලින්ම කරන්න ඕනි අපි අරගත්තු රෝස පොහොට්ටු හෝ රෝස මල් පෙති පොඩි නොවන සේ සෝදා ගැනීම.. පසුව මේ රෝස මල් පෙති හෝ පොහොට්ටු ටික පිරිසිදු කෝප්පයකට දා ගන්න එයට හොදින් නටන උනු වතුර අවශ්‍ය ප්‍රමාණයක් දා ගන්න...දැන් එය වසා තබන්න... විනාඩි කිහිපයකට පසු ව  ඔයාලට බලාගන්න පුලුවන් රෝස මල් පෙති වල පැහැය වෙනස් වෙනවා.. එසේ සම්පූර්ණයෙන්ම පැහැය වෙනස් වූ පසු වෙනත් පිරිසිදු කෝප්පයකට මේ රෝස වතුර ටික පෙරා ගන්න එයට මී පැණි ස්වල්පයක් , දෙහි යුශ ටිකක් රස අනුව දාලා.. කලවම් කරන්න දැන් අපි මේ rose bud tea එක හදලා ඉවරයි ...  මේ tea එක ඔයාලට උදෑසන හිස්බඩ පානය කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි ශරීරයේ ඇති විශ ඉවත් කරනවා වගෙම අධික තෙල් ගතිය පාලනය කරනවා... සම හිරු කිරණින් ආරක්ශා කිරීමට පුලුවන් කමක් තියෙනවා මේ tea එකට.... සතියෙකට දෙවරක් හෝ තුන් වරක් මේ tea එක ඔයාලට බොන්න පුළුවන් .........






ස්තුතියි (www.beautytipswithsenu.com )





Comments

Popular posts from this blog

Full body skin glowing treatment

Best face skin porsess treatment

Skin whitening rice cream