Glass skin natural treatment

කොහොමද යාලුවනේ
                    ඔන්න මන් අදත් සුපුරුදු පරිදි වෙනදා වගේම ඔයාලට ලස්සන වෙන්න beauty tips එකක් අරන් ආවා... ගොඩක් දෙනා මගෙන් අහපු දෙයක් තමයි අක්කි දැන් අලුත් trend එක වෙලා තියෙන්නේ glass skin එක... ඒකට නැචුරල් ට්‍රීට්මන්ට් එකක් දාන්නකෝ කියලා..😊
                 ඔන්න ඉතින් මන් අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද natural treatment එකකින් glass skin එකක් හදා ගන්නේ කොහොමද කියලා ....                              

මුලින්ම අපිට මේකට අවශ්‍ය වෙනවා තක්කාලි සහ මී  පැණි
     මුලින්ම තක්කාලි ගෙඩිය සෝදා ගන්න. පසුව රවුම් පෙති ආකාරයට කපා ගන්න.. දැන් මෙම තක්කාලි පෙත්තක් අරගෙන එක් පැත්තක් මී පැණි වල දවටාගන්න... දැන් මේ තක්කාලි පලුවේ මි පැණි ගා ගත්තු පැත්ත පිරිසිදු කර ගෙන තෙත මාත්තු කර ගත් මුහුනේ සහ බෙල්ලේ ඇස් වටා හැර හොදින් කවාකාරව පිරිමදින්න..😊 විනාඩි 2-4ක් පමණ පසුව මෙය සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කර ගන්න😊😊😊

      🍅 තක්කාලි වල ඇති antibacterial ගුණය නිසා ඔයාගෙ සමෙහි ඇති බැක්ටීරියා විනාශ කරනවා..

     🍅 අවුවට පිලිස්සුන සම ඉවත් කර ගැනීමට උපකාරී වේ

     🍅  සමෙහි සිදුරු විවර කර සම ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරයි

     🍅 නැචුරල් බ්ලීචිං එකක් ලෙසද හදුන්වයි..
                               
දෙවන පියවර හැටියට අපිට ඕන කරනවා හන හැට කප් බාගයක් පමණ..  මුලින්ම හන ඇට ටික සෝදා ගන්න පසුව බාජනයක් ලිප තබා එයට හන ඇට සහ වතුර කප් එකක් දමා හොදින් උතුරවා ගන්න ජෙල් ගතිය ඉස්මතු වන තුරු උතුරවා ගන්න.. එසේ උතුරවා ගත් හන හැට ටික බාජනයකට දමා නිවෙන්නට ඉඩහරින්න..
                   යාලුවනේ ඔයාලට ගොඩක් පහසුයි මේ ට්‍රීට්මන්ට් එක කරන්න කලින්ම හන ඇට ජෙල් එක හදලා නිවෙන්නට තියෙනවානම්...😊
         හොදින් නිවුනු හන ඇට ජෙල් කොට්න් පෑඩ් එකක් ආධාරයෙන් ඔබේ මුහුනේ සහ බෙල්ලේ හොදින් ආලේප කරන්න.. විනාඩි 20ක්. පසුව සීතල වතුරින් සෝදාහරින්න .                                            
       👉 හන ඇට ජෙල් වලින් සමට පැහැපත් බවක් ගෙන දේ..

      👉 සමෙහි තෙතමනය රැකදේ

     👉 best moisturizer එකක් වේ..

     👉 skin damage නැති කර සම නිරෝගිමත් කරයි.


අවසන් පියවර හැටියට අපිට තියෙන්නේ ෆේස් මාස්ක් එක හදා ගන්න..    අපි බලමු මේ ෆේස් මාස්ක් එක හදාගන්න විදිහ..  මුලින් අපිට අවශ්‍ය වෙනවා තරමක් ලොකු ඉදුනු කෙසෙල් ගෙඩියක්. කෙසෙල් ගෙඩියේ පොත්ත ඉවත් කරගෙන කෙසෙල් ගෙඩිය පෙති කපා ගන්න.. දැන් එය බ්ලෙන්ඩර් කර ගන්න ..පිරිසිදු කප් එකකට බ්ලෙන්ඩර් කර ගත් කෙසෙල් පේස්ට් එක දා ගන්න.. දැන් එයටම මී පැණි තේ හැන්දක් සහ ග්‍රීන් ටී බෑග් එකක් අරන් එහි ඇති ග්‍රීන් ටී ටික එක් කරන්න.. දැන් මෙය හොදින් කලවම් කර ගන්න... මුහුනේ සහ බෙල්ලේ ආලේප කරන්න  විනාඩි 20ක් පමණ කාලයක් තිබෙන්නට හැර සීතල ජලයෙන් සෝදා ඉවත් කරගන්න..
          දවසක් හැර දවසක් වගේ මේ ට්‍රීට්මන්ට් එක කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි යාලුවනේ සතියකින් ඔයාලටම වෙනස බලා ගන්න පුලුවන් 😘😘😘😘😘😘😘😘😘😘
      නැතිනම් සතියකට දින තුනක් පමණ මෙම  සත්කාරය කරන්න යාලුවනේ 😍😍😍😍😍

                                             
                                     
හැමදාම ලස්ස්නට ඉන්න 😘😘😘 ලස්සන කියන තැනදි වයස කියන්නෙ ඉලක්කම් දෙකක් විතරයි කියලා හිතන්න😊  හැමදාම ඔයාලව ලස්ස්න කරන්න beauty tips අරන් එන්න මන් සූදානම් දිගටම beauty tips with senu එක්ක රැදිලා ඉන්න. ගැටලුවක් ඇත්නම් පහලින් කමෙන්ට් කරන්න🌷🌸🌹🌷🌸🌹🌷🌸🌹🌼🌷🌸🌹🌼🌷🌸🌹🌼🌷🌸🌹🌼🌷🌹


🙏 ස්තූති 🙏

Comments

Popular posts from this blog

Full body skin glowing treatment

Best face skin porsess treatment

Skin whitening rice cream