Skin whitening rice cream

ලපකැලැල් නැති මුහුනේ අදුරු පෙනුම ඉවත් කරන සමේ රැලි ස්භාවය ඉවත් කරලා තරුණ පෙනුම නිසියාකාරව පවත්වාගෙන යාමට හැකි අපිට ගෙදරදීම පහසුවෙන් හදා ගන්න පුලුවන් ක්‍රීම් එකක් ගැන කියලා දෙන්නයි දැන් මන් සූදානම් වෙන්නෙ...යාලුවනේ 
      වැඩි කතා අවශ්‍ය නැහැ අපි බලමු මේ ක්‍රීම් එක හදා ගන්නේ කොහොමද කියලා .........
         මුලින් අපිට මේකට අවශ්‍ය වෙනවා 
                                          
👉තම්බාගත් සුදු සහල් තේ හැදි 02. 👉   විටමින් ඊ කරල් 2 
👉     ග්ලිසරින් තේ හැන්දක්            👉   ඇලෝ ජෙල් තේ හැදි 1/2


 තම්බා ගත් සුදු සහල් ටික විනාඩි කිහිපයක්  බ්ලෙන්ඩර් කර ගන්න පේස්ට් එකක් වනතුරු. දැන්  පිරිසිදු කප් එකකට බ්ලෙන්ඩර් කර ගත් බත් ටික දාන්න 
 දැන් එයට විටමින් ඊ කරල් 2 , ග්ලිසරින් , ඇලෝ ජෙල් මේ සියල්ලම එක්කර ගන්න..හොදින් කලවම් කර ගන්න ...

දැන් මෙය යෝගට් කප් එකක් වැනි කප් එකකට දමා ශීතකරනයේ තබා පාවිච්චි කරන්න ගන්න පුලුවන් ...... දිනපතා රාත්‍රී නින්දට පෙර සෝදා  පිරිසිදු කර ගත් මුහුනේ සහ බෙල්ලේ ක්‍රීම් එකෙන් ස්වල්පයක් ගෙන හොදින් ආලේප කර සම්බාහනය කරන්න . පසුදා උදෑසන සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කරගන්න පුලුවන් .... 
             මේ ක්‍රීම් එක සතියක් වැනි කාලයක් ඔයාලා ට ශීතකරණයේ තබාගන්න පුලුවන් 
                                          

      තවද දිනපතා සහල් වතුරෙන් මුහුන සේදීම ද කල හැකිනම් වඩාත් සුදුසු වේ..😊යාලුවනේ 
ලැබුනු ප්‍රතිඵලද අපිට කියන්න අමතක කරන්න එපා... 
මෙවැනි තවත් beauty tips දැන ගන්න දිගටම රැදී සිටින්න...

🙏 ස්තූති 🙏 



Comments

Popular posts from this blog

Full body skin glowing treatment

Best face skin porsess treatment