Tomato juice for younger looking

 ලස්සන ගැන කතාකරද්දි එක් එක් අයට විවිධාකාර ප්‍රශ්න තියෙනවා ... තම තමන්ට ඇති ගැටලු ගැන හොද අවබෝධයක් ලබාගෙන නිවැරදිව සත්කාර කිරීමෙන්  තමන්ගේ රුව රැකගැනීම කරගන්න පුලුවන් 😊

ලස්සන රැක ගන්න කරන සත්කාර ප්‍රධාන කොටස් දෙකකි බාහිරව කරන රූපලාවණ්‍ය සත්කාර සහ අභ්‍යන්තරව අපි සිදු කරන සත්කාර.

         යාලුවනේ අපි වැඩිදෙනෙක්ම කරන්නේ බාහිර සත්කාර කරන එක කෙනෙක් කීවොත් අරක්‍රීම් එක හොදයි කියලා අපි  පුරුදු වෙලා ඉන්නවා ඒ ක්‍රීම් එක අරන් පාවිච්චි කරන්න .. තවකෙනෙක් කිවුවොත් මන් මේ ස්වාභාවික සත්කාරය කලා කියලා අපි පුරුදු වෙලා ඉන්නවා ඒ සත්කාරය කරන්න.. එක් අයෙකුට ප්‍රතිඵල ලබාදුන් දෙයක් අනෙකාටද එලෙසින්ම ප්‍රතිඵල ලබාදෙයි කියලා අපි කාටවත්ම ස්ථීරවම කිවනොහැකිය...      අතුරු ප්‍රතිඵල නැතිනම් අත්හදා බැලීම සිදු කිරීම වරදක් නැත... 😊😊😊😊😊
         
ඒ කරුණුත් සිහිතබාගෙන අද මන් කියලා දෙන beauty treatment එක ඔයාලට කරලා බලන්න පුලුවන් 😊😊😊 හැබැයි යාලුවනේ මේ සත්කාරය අභ්‍යන්තරව තමයි සිදු කරන්නෙ තක්කාලි වලින් සිදු කරන නිසා තක්කාලි ඇලජික් අයට නම් මේක කරන්න බැහැ... 🍅🍅🍅🍅

🍅තක්කාලි වල ඇති ගුණ
            ❤Vitamins

      Vitamin c  - 21%
      Vitamin a  - 17%
      Vitamin k - 10%
      Folate      - 4%

🍅පිලිකාවන් ඇතිවීමේ අවධානම අඩු කරයි

🍅සම අහිතකර uv කිරණින් ආරක්ශා කරයි

🍅සමෙහි ඇති ඉලාස්ටික් ගතිය මනාව පාලනය කරයි. ස්කින් එක  කිරීමක් සිදු  වේ.

🍅ශරීරයේ ඇති අනවශ්‍ය බර පාලනය කරයි..


✔   Tomato juice ✔

හරි යාලුවනේ අපි දැන් බලමු මේ තක්කාලි වලින් හදා ගන්න පුලුවන් ජූස් එක හදාගන්නේ කොහොමද කියලා .... ඒකට ඔයාට ඕනි වෙනවා හොදින් ඉදුනු තක්කාලි ගෙඩියක්.. මුලින්ම තක්කාලි ගෙඩිය හොදින් පිරිසිදු කර ගන්න..  දැන් තක්කාලි ගෙඩිය කුඩා කුඩා කැබලි කපා ගන්න. පෙනේරයක් ආධාරයෙන් මේ කුඩා තක්කාලි කැබලි හොදින් පොඩිකරමින්  යුශ ටික කෝප්පයකට පෙරා ගන්න.. මේ තක්කාලි යුශ ටිකට දෙහි යුශ ටිකකුත් එකතුකර ගන්න පුලුවන් රස අනුව ..  වතුර ටිකකුත් එකතුකරගෙනම ඔයාලට මේ tomato juice එකේ රස බලන්න පුලුවන් 😊😊😊😊.....
සතියකට දින දෙකක් හෝ තුනක් උදෑසනම මේ juice එක බොන්න පුලුවන් නම් ගොඩක් හොදයි යාලුවනේ 😍😍😍😍😍
මාසයක් වැනි කාලයක් බාවිතා කරනවිට ඔයාලටම බලා ගන්න පුලුවන් යාලුවනේ ඔයාගෙ ස්කින් එක ලස්සන වෙනවා..

තවත් ලස්සන දවසක  ලස්සන රහසක් අරන් එනකල්  දිගටම අපිත් එක්ක රැදී ඉන්න යාලුවනේ 😍😍😍😍😍  ලැබුන ප්‍රතිඵල කියන්නත් අමතක කරන්න එපා..

🙏 ස්තූති 🙏

Comments

Popular posts from this blog

Full body skin glowing treatment

Best face skin porsess treatment

Skin whitening rice cream