Menstrual cup


                                     
කොහොමද යාලුවනේ ඔන්න මන් අදත් ආවා ඔයාලට beauty tips එකක් අරන්.. 😍😍😍
හැමදාම ලස්සන ගැන කතා කරද්දි  කාන්තාවක් වශයෙන් තිබියයුතු ඉහලම ගුණංගයක් වන්නේ පිරිසිදු කම.. ඉතින් අන්න ඒ පිරිසිදු කම ගැන කතා කරද්දි ladies ලා හැමෝටම මතක් වෙන්නෙ මේ මාසිකව ඇති වන ශුද්දවීම ( period day) කියන දෙය.. එහිදී ඇතිවන වේදනාව රුධිරය පිටවීමේදී ඇතිවන අපහසුතාවයන් ගැන.. ඈත කාලයේ පටන් පැවතී ආ දෙයක් නම් රෙදි පොට්ටනි සැලකෙනවා.. period day එක දිනට පිටවන රුධිරය උරා ගැනීම සදහා රෙදි කැබැල්ලක් නවා එහි තබා ගැනීම  සිදු උනා.. තාක්ශණයෙ දියුණුවත් සමගම  එය සනීපාරක්ෂක තුවායක් හොදින් තෙත උරා ගැනීමට පුලුවන් පෑඩ් වර්ග නිශ්පාදන කලා... එය ඉතාමත් සාර්ථක උනා.. හැමදෙනාම එදිනට පෑඩ්ස් පාවිච්චියට පෙලඹුනා.. 😊😊😊😊😊😊.... නමුත් අපේ පොදු වැසිකිලි 🚽  🚻  අපිරිසිදු උනා.. 🤐 නිසියාකාරව බැහැර නොකිරීම නිසා... අන් අයටත් කෙතරම් අප්‍රසන්න බවක් දැනෙනවාද.. ටොයිලට් එකකට යන්නට බැහැ පෑඩ්ස් හැමතැනම දාලා..😷😷
   දියුණු රටවල් මේ නිසා ඇති වන පාරිසරික අපවිත්‍රතාවයට  සොයා ගන්නා ලැබූ අති සාර්ථක පිලිතුරක් තමයි මේ menstrual cup කියන්නෙ..😍😍😍😍😍😍😍
ලංකාවේ කාන්තාවන් හට අලුත් දෙයක් උනාට දියුණු රටවල මෙය බාවිතා නොකරන කාන්තාවක් නැති තරම් දැන් නම්....  මොකද මේක online හරහා buy කරන්න ගියහම මිලදී ගත් රටවල් පෙන්නුම් කරන නිසා එය ස්ථීර වශයෙන්ම කිව හැකී..😍😍😍😍
                                   
                                 
❤ අහිතකර බලපෑමක් තියෙනවාද?

💟සිලිකන් වලින් සාදා ඇති මෙම කප් එක ශරීරයට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොකරයි ( no side effects )
Large , small  වැනි ඔබට අවශ්‍ය sizes වලින් මිලදී ගත හැක.. හොදින් සෝදා පිරිසිදු කර ගෙන නැවත නැවත වරක් මෙය බාවිතා කරන්න පුලුවන් ..
                                         

❤ බාවිතා කරන අවස්ථාවේදී ගැටලුවක් ඇති  වේවිද?

💟 මේ menstrual cup එක මුලින් බාවිතා කරන්න යන කෙනෙකුට ඇති වන්නේ බය කප් එක ඇතුලටම යාවිද? අනේ මගේ රුධිරය ගොඩක් පිටවෙනවා පැයක් වත් ඕක පාවිච්චි කරන්න පුලුවන් වේවිද කියලා ..  ඒ ගැන බය වෙන්න කිසිම හේතුවක් නැහැ මොකද මේ කප් එක ඇතුලේදී සීල් වීමක් සිද්ද වෙනවා..😊 මෙය බාවිතා කර ඔබට එදිනෙදා ඕනම වැඩක් කරන්නත් පුලුවන් සාමාන්‍ය පරිදිම.. පැය 07-08ක් අතර කාලයක් උනත් පාවිච්චි කරන්න පුලුවන් ..පසුව  පිටතට ගෙන කොමඩ් එකට රුධිරය හලා පිරිසිදු කර ගෙන නැවතත් පාවිච්චි කරන්න පුලුවන් 😊😊

❤ බාවිතා කරන ආකාරය

💟 මුලින්ම menstrual cup එක නටන උනු වතුරේ දමා විනාඩි 04ක් වැනි කාලයක් තබා ගන්න.. දැන් ඔබගේ දෑත් හොදින් පිරිසිදු කර ගන්න... පසුව menstrual cup එක  පිටතට ගෙන.. පිරිසිදු ටිශූ කැබැල්ලකින් තෙත ඉවත් කර ගන්න...  දැන් එය රූප සටහනේ පරිදි නවා ගන්න..  එය ඔබගේ යෝනි මාර්ගයේ  ඇතුල් කරන්න.. menstrual cup එකේ යටින් අල්ලාගෙන එය වමට හා දකුනට කරකවන්න.. එය එවිට  නිසියාකාරව තැන්පත් වීමක් සිදු වේ... ඔබ මෙය බාවිතා කර අවසානයේදී.. සෝදා පිරිසිදු කර ගන්න ... නැවත වරක් නටන උනු වතුරට දමා තම්බාගන්න.. menstrual cup එක ආරක්ශිතව  තබාගැනිමට එය සදහාම වෙන්වූ cups තියෙනවා ඒවා එකක් මිලදි අරන් ඇසුරුම් කර තබා ගැනීමට පුලුවන් ..

                                             

❤ මෙය සුදුසු වන්නේ කාටද

💟 එදා ඈත අතීතයේ පටන් ලංකාවේ පැවත එන මතය නම් කාන්තාවකගේ කන්‍යා පටලය ඇයගේ පිරිසිදු කමේ උත්තරීතර සංකේතයයි... එම නිසා මෙය අවිවාහක තරුණියන් මෙය බාවිතා කිරීමෙන් වලකින්න.. කාර්‍ය බහුල ගෘහණියන්ට නම් මෙය ඉතාමත් වටිනා වගෙම ඉතාමත් පහසු දෙයකි...
                                   






හැමදාම මෙවැනි වටිනා beauty tips දැන ගන්න දිගටම  beauty tips with senu සමග රැදී ඉන්න😘😘😘😘😘😘😘😘

🙏 ස්තූති 🙏

Comments

Popular posts from this blog

Full body skin glowing treatment

Best face skin porsess treatment

Skin whitening rice cream