Whitening face pack

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් සෙනූ අදත් ආවා ලස්සන රහසක් අරගෙන..  මේ අවුව රස්නෙත් නිසා ඔයාගෙ සමත් වියලී ගොස් ඇත්ද මුහුනේ කුරුලෑ පිරිලා වදදෙනවද?? ඒ හැමදේකටම වඩා මූන අදුරු වෙලා ගිහින්ද ?? තවත් දුක් වෙන්න එපා.. මේ හැමදේකටම එකම විසදුමක් ගැන අපි අද කතා කරමු.. 


අද මන් කියන්න යන්නේ රත් හදුන් ආලේපනය ගැනයි මේ රත් හදුන් වලට හැකියාව තියෙනවා සම ගොඩක් හොදින් පෝෂණය කිරීමට ඒ වගෙමයි සමේ දැවිල්ල ගතිය අඩු කරලා සමට අවශ්‍ය තෙතමනය රැක දෙනවා.. ඒ හැමදේකටම වඩා සම ඉතාමත් හොදින් පැහැපත් කරනවා.. අපිට බොහොම පහසුවෙන්ම රත් හදුන් ආයුර්වේද බෙහෙත් බඩු කඩයකින් අරගන්න පුලුවන් .. 


හරි යාලුවනේ වැඩි කතා ඕන නෑ අපි බලමුකෝ මේ ආලේපනය හදාගන්නේ කොහොමද කියලා 
 අවශ්‍ය ද්‍රව්‍ය 👉 රත් හදුන් කුඩු තේ හැදි 1
හොදින් ඉදුනු ගස්ලබු ගෙඩියක මදය තේ හැදි 2

මෙන්න මේ දෙවල් තමයි යාළුවනේ අපිට ඕන වෙන්නෙ මුලින්ම ඔයා කරන්න ඕනී පිරිසිදු කර තෙත මාත්තු කර ගත් මුහුනේ ඇස් වටා හැර කලින් සදහන් කල දේවල් එකට මිශ්‍ර කර හොදින්  ආලේප කරන්න. පසුව විනාඩි 20ක් වියලෙන්නට ඉඩ හැර සාමාන්‍ය වතුරෙන් සෝදා පිරිසිදු කර ගන්න.. මෙය සතියකට දින දෙකක් හෝ තුනක් සිදු කරන්න.. ඉඩෝරයට හසු වූ පැලයකට වතුර ලැබුනා සේ ඔබේ සමටත් ඉතාමත් හොද ප්‍රතිඵල ගන්න පුලුවන් සාර්ථක සත්කාරයක්.. 

හැමදාමත් දන්න සිංහලෙන් ලස්සන රහස් දැනගන්න දිගටම රැදිලා ඉන්න  
Than you 
 Senu 

Love you 😘

Comments

Popular posts from this blog

Full body skin glowing treatment

Best face skin porsess treatment

Skin whitening rice cream