Ayurvedic face steam

                               
අපි හැමෝම දන්න ෆේස් ස්ටීම් එක ගැන වෙනස්ම විදිහකට කරන හැටි කියලා දෙන්නයි ඔන්න මන් දැන් හදන්නෙ.. ෆේස් ස්ටීම් ගැන නම් දැන් ගොඩක් දෙනා දන්නවා.. දන්න නොදන්න අයටත් දැනගන්නත් එක්ක මන් පුංචි හදුන්වාදීමක් කරන්නම්..
                           

ඇත්තෙන්ම මොකක්ද මේ ෆේස් ස්ටීම් කරනවා කියන්නෙ.. ෆේස් ස්ටීම් කියන්නෙ අපේ සම තරමක් පිටතින්  උනුසුම් කර ගැනීමක් .. . ක්ලීනප් එකකදි අනිවාර්‍ය පියවරක් හැටියට අපි මේ ෆේස් ස්ටීම් එක සිදු කරනවා..   ෆේස් ස්ටීම් එකකදි සිදුවන දේ ගැන කතා කරනවා නම් මෙහෙමයි යාලුවනේ.. ෆේස් ස්ටීම් එකක් සිදු කිරීමෙන් අපේ සමේ සෑම සිදුරක්ම ඕපන් වෙලා  ඇතුලාන්තයේ ඇති අනවශ්‍ය තෙල් ගතිය පිටතට පැම්ණිනෙනවා.. සමේ ඇතුලත ඇති කුනු දුහුවිලි පහසුවෙන්ම ඉවත් කර ගන්න පුලුවන් අපිට මේ ෆේස් ස්ටීම් එකක් කිරීමෙන්..  ෆේස් ස්ටීම් එකක් දිනපතා කිරීම සුදුසු නැහැ.. එසේ දිනපතා හෝ වැඩි කාලයක් මුහුන ස්ටීම් කිරීමෙන් සම රැලි වැටීමක් සහ සම වියලීමක් සිදු වෙනවා එනිසා  සතියකට එක් දිනක් පමණ සෑහේ ....  ක්ලීනප් එකකට නම් ඔබ ෆේස් ස්ටීම් කරන්නේ එය මාසයකට දෙවතාවක් පමණ කිරීම ප්‍රමාණවත්.. ..   ෆේස් ස්ටීම් කරන උපකරණ ගැන කතා කරනවා නම් කාර්‍ය බහුල ගොඩක් දෙනෙක්ට තියෙන එකම විසදුම ෆේස් ස්ටීම් මැශින් එක.. ඒකෙන් පහසුවෙන්ම  එහි හුමාලය මගින් ෆෙස් එක ස්ටීම් කර ගන්න පුලුවන්.. ඒ වගෙමයි..  අනෙක් ක්‍රම නම් උතුරවා ගත් වතුර පිරිසිදු බාජනයකට දමා එම හුමාලය දෙසට මුහුන යොමා ෆේස් එක ස්ටීම් කර ගැනීමයි.. එසේම  උනු වතුරේ පෙගවූ ටවල් එකක් ගෙන හොදින් මිරිකා. එහි ඇති උනුසුම මගින් ෆේස් එක ස්ටීම් කර ගැනීමයි..  මේ ක්‍රම අතරින් ඔයාලට පහසු  ක්‍රමයක් තෝරා ගන්න පුලුවන් .. හැබැයි ඔන්න මූන පුච්ච ගන්නෙ නැතුව පරිස්සමින් කරන්න.. උපරිම විනාඩි 8-10ක් අතර කාලයක් ෆේස් එක ස්ටීම් කිරීම ප්‍රමාණවත්...          


ඔන්න ඉතින් මන් ෆේස් ස්ටීම් ගැන කෙටි හදුන්වාදීමක් සිදු කලා.. ඒත් දැන් මන් ඔයාලට කියන්න යන්නෙ ඒ සාමාන්‍ය ෆේස් ස්ටීම් කරන එක ගැන නෙවේ.. ආයුර්වේද ක්‍රමයට ෆේස් එක ස්ටීම් කර ගන්න හැටි ගැන අරගෙනයි ආවෙ.. ..මේකෙන් අපේ සමට ගොඩක් හොද ප්‍රතිඵල ලැබෙනවා.. කුරුලෑ ඇති සමට අති විශේෂයි..  වැඩි කතා මොකටද අපි බලමු මෙ ට්‍රීට්මන්ට් එක කරන්නේ කොහොමද කියලා..


අවශ්‍ය ද්‍රව්‍ය 👉 සැවැන්දරා මුල් කිහිපයක්

                            අවශ්‍ය තරමට වතුර


මෙතනදි මන් ගත යුතු ප්‍රමණයක් සදහන් කරන්නේ නෑ..  සැවැන්දරා මුල් වැඩි උනා වතුර ටිකක් වැඩි උනා කියලා ඔයාලට කිසිම ගැටලුවක් ඇති වෙන්නෙ නැති නිසා.. තමන්ට හැකි ප්‍රමාණයන් අරගන්න..  සැවැන්දරා මුල් අපිට බොහොම පහසුවෙන්ම  ආයුර්වේද බෙහෙත් බඩු කඩවලින්  අරගන්න පුලුවන්.... බාවිතයට පෙර සැවැන්දරා මුල් හොදින් සෝදා පිරිසිදු කර ගන්න..                    
 පසුව  කලින් මන් සදහන් කල විදිහට ඔයාට පහසු ෆ්‍රෙස් ස්ටීම් ක්‍රමයක් තෝරාගන්න..  සෝදා පිරිසිදු කර ගත් සැවැන්දරා මුල් ටික වතුර බාජනයට දමා හොදින් තම්බා ගන්න.. ඔයා ෆෙස් ස්ටීම් මැශින් එකක් නම් පාවිච්චි කරන්නෙ.  එහි උඩ මුහුන යොමන කොටසට සෝදාගත් සැවැන්දරා මුල් තබා.. එහි එන හුමාලයෙන් ෆෙස් එක ස්ටීම් කර ගන්න.. විනාඩි 8-10ක කාලයක් මෙසේ ෆෙස් එක ස්ටීම් කරගන්න.. සතියට එක් දිනක් හෝ දින දෙකක් සිදු කරන්න.  හැකි නම් පමණක් ආයුර්වේද ශොප් වලින් අපිට ගන්න පුලුවන් සැවැන්දරා මුල් කුඩු  සහ කස්තුරි කහ ස්වල්පය බැගින් සමව ගෙන රෝස වතුර සමග මිශ්‍ර කර මුහුනෙ ඇස් වටා හැර හොදින් ආලේප කර විනාඩි විස්සක් වියලෙන්නට ඉඩ හැර  පසුව උනුකර නිවාගත් වතුරින් මුහුන සෝදා පිරිසිදු කර ගන්න .. ෆෙස් ස්ටීම් එකෙන් සමේ ඇති සියලුම සිදුරු විවර වෙන නිසා.. ෆේස් පැක් එකේ පෝෂණය හොදින් සමට උරාගැනීමක් සිදු වෙනවා.. හොද ප්‍රතිඵල ලැබෙනවා..  අමතක නොකර අවසානයේදී අයිස් වතුරින් හෝ රෝස වතුරින් මුහුන සෝදා සම ටෝනර් කර ගන්න .. විවර වූ සිදුරු නැවතත් හැකිලීමක් එයින් සිදු වෙන නිසා ඔයාගෙ සම ආරක්ෂා වෙනවා.. මුහුනේ සමේ සිදුරු විශාල වීමක් සිදු වන්නෙත් නැහැ..      


සැවැන්දරා මුල් කිවුව ගමන් අපි හැමෝටම මුලින්ම මතක් වෙන්නෙ කොන්ඩෙට හදන ඔයිල් වලට දානවා කියලනෙ. ඒත් අපි නොදන්නවා උනාට මේ සැවැන්දරා මුල් වලට හැකියාව තියෙනවා.. අපේ සමේ ඇති උන කුරුලෑ , දද , විවිධ අසාත්මිකතා නිසා ඇති උන රතු බිබිලි  සුවපත් කරන්න.. මේ සත්කාරය පිම්පල්ස් ඇති මුහුනට වඩාත් සුදුසුයි.. අනෙකුත් අයට පුලුවන්  රෝස මල් පෙති යොදා මේ ෆෙස් ස්ටීම් එක සිදු කරන්න.. සම ගොඩක් සුසිනිදු වෙනවා.. එයින්..  උපදෙස්  අනිවාර්‍යෙන්ම ඔක්කොම කියවන්න.. ලැබුන ප්‍රතිඵල මට කියන්නත් අමතක කරන්න එපා..
                       


අපැහැදිලි තැන්ක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.. හැමදාමත් Beauty tips අරන් Senu එනවා  දිගටම රැදිලා ඉන්න.. කියලා හැමෝටම ආරාධනා කරනවා.
🙏🙏🙏

👉උපුටාගැනීම තහනම් 👈

💯 Senuri 💯


Comments

Popular posts from this blog

Full body skin glowing treatment

Best face skin porsess treatment

Skin whitening rice cream