Natural collagen morning drink

අද අපි බලමු ස්වාභාවික කොලැජන් පානයක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.  සමේ තරුණ පෙනුම රැකගන්න වගෙම ශරීර අභ්‍යන්තරයටත් හොද පෝෂනයක් ලැබෙන පානයක් තමයි මේක..

සමේ රැලි ඉවත් කර සමේ තරුණ පෙනුම බොහෝ කල්  රැකදෙනවා..

සමේ එල්ලා වැටුන මලානික  ගතිය දුරු කර සමේ නැති වී ගිය ඉලාස්ටික් ගතිය නැවත ඇති කරනවා

ශරීර අභ්‍යන්තරයට ද බොහෝ ගුණදායකයි..


හරි යාලුවනෙ අපි බලමු මේ නැචුරල් කොලැජන් ඩ්‍රින්ක් එක හදාගන්නේ කොහොමද කියලා..

අවශ්‍ය ද්‍රව්‍ය 👉 උලුහාල් තේ හැන්දක්
                              වියලි මිදි කිහිපයක් (මුද්දරප්පලම්)


බොහොම පහසුයි නේද මේ දේවල් අපිට අර ගන්න.. උනන්දුව විතරයි ඔන්න ඉතින් ඔයාගෙ තියෙන්න ඕනී..

අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා..
මුලින්ම ඔයා කරන්න ඕනී උලුහාල් තේ හැදි එකක් ගෙන සෝදා පිරිසිදු කර ගන්න .. පසුව එයට වතුර එක කොප්පයක් පමණ එකතු කර රැයක් එලිවන තුරු පෙගෙන්නට ඉඩ හරින්න .. පසුදින උදෑසන මේ පෙගෙන්න තැබූ උලුහාල් ටික සහ එම වතුර ටිකත් ලිප තබා විනාඩි තුනක් පමණ කාලයක් රත් කරගන්න..  දැන් මේක ලිපෙන් ඉවතට අරගෙන කෝප්පයකට පෙරා  අරගන්න.. එම පෙරාගත් උලුහාල් වතුර ටිකට වියලි මිදි කිහිපයක්  එකතු කර එය විනාඩි කිහිපයක් වසා තබා පසුව පානය කරන්න උදෑසන හිස්බඩ.. .. මේ පානය එක මාසයක් බොන්න ... සතියකට දින හතරක් පානය කරන්න.
           



ගොඩක් අය හිතන් ඉන්නවා උලුහාල් වලට breast එක වැඩි වෙනවා කියලා ... එහෙම කවදාවත් වෙන්නේ නෑ.. එල්ලා වැටුන breast එක නැවත යතා තත්වයට පත්වීමක් නම් සිදු වෙනවා.... තමන්ගේ breast එකේ  ප්‍රමාණය ගැන තීරණය කරන්නේ තම ශරීරයේ ඇති හොමෝන බලපෑම මතයි..
ඒ වගෙමයි ඔයාගෙ කොන්ඩෙත් ශක්තිමත් මදි නම් මේ පානයෙන් නිරෝගී ශක්තිමත් කෙස් කලඹක් ලබා ගන්නත් පුලුවන් ..


ලස්සන රහස් දැනගන්න.. දිගටම රැදිලා ඉන්න

Thank you

SeNu

Comments

Popular posts from this blog

Full body skin glowing treatment

Best face skin porsess treatment

Skin whitening rice cream