Posts

Showing posts from August, 2019

Homemade serum for glowing skin

Image
සම පැහැපත් කරගන්න serum එකක් ගෙදරදීම හදා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි ඔන්න මන් හදන්නෙ...😍😍😍😍            ❤ Serum එකක් කියන්නේ මොකක්ද?                             💟 යාලුවනේ serum එකක් කියන්නෙ අපිට පහසුවෙන්ම බාවිතා කරන්න පුලුවන් වගෙම... ඉක්මනින්ම සමට උරාගැනිමට හැකියාවක් තියෙන.... සමට හොද පෝශනයක් ලබාදෙන දියරයක්..😍😍😍 එක් එක් සමට වෙන් වෙන් වශයෙන් ගැලපෙන පරිදි අපිට serum වෙලදපොලෙන් මිලදි ගත හැක.... ඒත් අද මන් ඔයාලට කියලා දෙන්න යන්නෙ ඕනෑම සමකට සුදුසු වෙන පැහැපත් සමක් ඕනෑම කෙනෙකුට ලබා ගන්න පුලුවන් අපිට පහසුවෙන්ම හදා ගන්න පුලුවන් serum එකක් ගැන...😍😍😍😍                                අපිට මේකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි හන ඇට...  ❤හන ඇට වල ඇති ගුණ..                                         💟 skin එකට shine එකක් ලබා ගැනීමට පුලුවන්                           💟 අනවශ්‍ය තෙල් ගතිය ඉවත් කරයි                                                       💟 සමෙහි තෙතමනය ආරක්ශා කරයි                                                     💟 හිසකෙස් වලටද ඉතාමත් හොදයි      

Best face skin porsess treatment

Image
ඔන්න මන් අදත් ආවා ලස්සනට ඉන්න කැමති ඔයාලට beauty tips එකක් අරන්😍   වැඩි දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි පිම්පල්ස් නිසා ඇති වුනු මුහුනේ ඇති වලවල්...        අනේ අක්කි මගෙ මූන දොඩම් ලෙල්ලක් වගේ... හරිම කැතයි කියලා ...  එක එක ක්‍රීම් වර්ග සීරම් වර්ග පාවිච්චි කලත් ප්‍රතිඵල ලබාගන්න බැරි උනාද.....                ඔන්න අද ඉදන් දුක් වෙන්න දෙයක් නෑ.. ඉතාමත් අඩු මුදලකට.. 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් නැචුරල් ට්‍රීට්මන්ට් එකක් අරන් ආවෙ යාලුවනේ ...                               අපි බලමු ට්‍රීට්මන්ට් එක කරන්නෙ කොහොමද කියලා 😊😊 .. අපිට මේකට අවශ්‍ය වෙනවා කොකුම් කුඩු      යාලුවනේ කොකුම් කුඩු සිංහල ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වල තියෙනවා ..... සාමාන්‍යයෙන් රුපියල් 60.00ක් වගේ මුදලක් තමයි වෙන්නෙ... මුලින්ම ඔයා කරන්න ඕනී මූන සාමාන්‍ය වතුරෙන් සෝදන්න.. ෆේස් වොශ් , සබන් වර්ග පාවිච්චි කරන්නේ නැතුව... ඊට පස්සෙ ඔයා කොකුම් කුඩු යෝගට් හැදි දෙකක ප්‍රමාණයක් වගේ අරගෙන ඇල් වතුරින් දිය කර ගන්න.....  කොකුම් කුඩු ජලයේ පා වෙන නිසා ටිකක් දිය කරන්න අමාරුයි ... ඒත් ඇගිල්ලෙන් තද කර එහා මෙහා කරමින් දිය කර ගන්න.

Menstrual cup

Image
                                      කොහොමද යාලුවනේ ඔන්න මන් අදත් ආවා ඔයාලට beauty tips එකක් අරන්.. 😍😍😍 හැමදාම ලස්සන ගැන කතා කරද්දි  කාන්තාවක් වශයෙන් තිබියයුතු ඉහලම ගුණංගයක් වන්නේ පිරිසිදු කම.. ඉතින් අන්න ඒ පිරිසිදු කම ගැන කතා කරද්දි ladies ලා හැමෝටම මතක් වෙන්නෙ මේ මාසිකව ඇති වන ශුද්දවීම ( period day) කියන දෙය.. එහිදී ඇතිවන වේදනාව රුධිරය පිටවීමේදී ඇතිවන අපහසුතාවයන් ගැන.. ඈත කාලයේ පටන් පැවතී ආ දෙයක් නම් රෙදි පොට්ටනි සැලකෙනවා.. period day එක දිනට පිටවන රුධිරය උරා ගැනීම සදහා රෙදි කැබැල්ලක් නවා එහි තබා ගැනීම  සිදු උනා.. තාක්ශණයෙ දියුණුවත් සමගම  එය සනීපාරක්ෂක තුවායක් හොදින් තෙත උරා ගැනීමට පුලුවන් පෑඩ් වර්ග නිශ්පාදන කලා... එය ඉතාමත් සාර්ථක උනා.. හැමදෙනාම එදිනට පෑඩ්ස් පාවිච්චියට පෙලඹුනා.. 😊😊😊😊😊😊.... නමුත් අපේ පොදු වැසිකිලි 🚽  🚻  අපිරිසිදු උනා.. 🤐 නිසියාකාරව බැහැර නොකිරීම නිසා... අන් අයටත් කෙතරම් අප්‍රසන්න බවක් දැනෙනවාද.. ටොයිලට් එකකට යන්නට බැහැ පෑඩ්ස් හැමතැනම දාලා..😷😷    දියුණු රටවල් මේ නිසා ඇති වන පාරිසරික අපවිත්‍රතාවයට  සොයා ගන්නා ලැබූ අති සාර්ථක පිලිතුරක් තමයි මේ menst

Tomato juice for younger looking

Image
 ලස්සන ගැන කතාකරද්දි එක් එක් අයට විවිධාකාර ප්‍රශ්න තියෙනවා ... තම තමන්ට ඇති ගැටලු ගැන හොද අවබෝධයක් ලබාගෙන නිවැරදිව සත්කාර කිරීමෙන්  තමන්ගේ රුව රැකගැනීම කරගන්න පුලුවන් 😊 ලස්සන රැක ගන්න කරන සත්කාර ප්‍රධාන කොටස් දෙකකි බාහිරව කරන රූපලාවණ්‍ය සත්කාර සහ අභ්‍යන්තරව අපි සිදු කරන සත්කාර.          යාලුවනේ අපි වැඩිදෙනෙක්ම කරන්නේ බාහිර සත්කාර කරන එක කෙනෙක් කීවොත් අරක්‍රීම් එක හොදයි කියලා අපි  පුරුදු වෙලා ඉන්නවා ඒ ක්‍රීම් එක අරන් පාවිච්චි කරන්න .. තවකෙනෙක් කිවුවොත් මන් මේ ස්වාභාවික සත්කාරය කලා කියලා අපි පුරුදු වෙලා ඉන්නවා ඒ සත්කාරය කරන්න.. එක් අයෙකුට ප්‍රතිඵල ලබාදුන් දෙයක් අනෙකාටද එලෙසින්ම ප්‍රතිඵල ලබාදෙයි කියලා අපි කාටවත්ම ස්ථීරවම කිවනොහැකිය...      අතුරු ප්‍රතිඵල නැතිනම් අත්හදා බැලීම සිදු කිරීම වරදක් නැත... 😊😊😊😊😊           ඒ කරුණුත් සිහිතබාගෙන අද මන් කියලා දෙන beauty treatment එක ඔයාලට කරලා බලන්න පුලුවන් 😊😊😊 හැබැයි යාලුවනේ මේ සත්කාරය අභ්‍යන්තරව තමයි සිදු කරන්නෙ තක්කාලි වලින් සිදු කරන නිසා තක්කාලි ඇලජික් අයට නම් මේක කරන්න බැහැ... 🍅🍅🍅🍅 🍅තක්කාලි වල ඇති ගුණ             ❤Vitami

Skin whitening rice cream

Image
ලපකැලැල් නැති මුහුනේ අදුරු පෙනුම ඉවත් කරන සමේ රැලි ස්භාවය ඉවත් කරලා තරුණ පෙනුම නිසියාකාරව පවත්වාගෙන යාමට හැකි අපිට ගෙදරදීම පහසුවෙන් හදා ගන්න පුලුවන් ක්‍රීම් එකක් ගැන කියලා දෙන්නයි දැන් මන් සූදානම් වෙන්නෙ...යාලුවනේ        වැඩි කතා අවශ්‍ය නැහැ අපි බලමු මේ ක්‍රීම් එක හදා ගන්නේ කොහොමද කියලා .........          මුලින් අපිට මේකට අවශ්‍ය වෙනවා                                             👉තම්බාගත් සුදු සහල් තේ හැදි 02. 👉   විටමින් ඊ කරල් 2  👉     ග්ලිසරින් තේ හැන්දක්            👉   ඇලෝ ජෙල් තේ හැදි 1/2  තම්බා ගත් සුදු සහල් ටික විනාඩි කිහිපයක්  බ්ලෙන්ඩර් කර ගන්න පේස්ට් එකක් වනතුරු. දැන්  පිරිසිදු කප් එකකට බ්ලෙන්ඩර් කර ගත් බත් ටික දාන්න   දැන් එයට විටමින් ඊ කරල් 2 , ග්ලිසරින් , ඇලෝ ජෙල් මේ සියල්ලම එක්කර ගන්න..හොදින් කලවම් කර ගන්න ... දැන් මෙය යෝගට් කප් එකක් වැනි කප් එකකට දමා ශීතකරනයේ තබා පාවිච්චි කරන්න ගන්න පුලුවන් ...... දිනපතා රාත්‍රී නින්දට පෙර සෝදා  පිරිසිදු කර ගත් මුහුනේ සහ බෙල්ලේ ක්‍රීම් එකෙන් ස්වල්පයක් ගෙන හොදින් ආලේප කර සම්බාහනය කරන්න . පසුදා උදෑසන සාමාන්‍ය වතු

Glass skin natural treatment

Image
කොහොමද යාලුවනේ                     ඔන්න මන් අදත් සුපුරුදු පරිදි වෙනදා වගේම ඔයාලට ලස්සන වෙන්න beauty tips එකක් අරන් ආවා... ගොඩක් දෙනා මගෙන් අහපු දෙයක් තමයි අක්කි දැන් අලුත් trend එක වෙලා තියෙන්නේ glass skin එක... ඒකට නැචුරල් ට්‍රීට්මන්ට් එකක් දාන්නකෝ කියලා..😊                  ඔන්න ඉතින් මන් අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද natural treatment එකකින් glass skin එකක් හදා ගන්නේ කොහොමද කියලා ....                               මුලින්ම අපිට මේකට අවශ්‍ය වෙනවා තක්කාලි සහ මී  පැණි      මුලින්ම තක්කාලි ගෙඩිය සෝදා ගන්න. පසුව රවුම් පෙති ආකාරයට කපා ගන්න.. දැන් මෙම තක්කාලි පෙත්තක් අරගෙන එක් පැත්තක් මී පැණි වල දවටාගන්න... දැන් මේ තක්කාලි පලුවේ මි පැණි ගා ගත්තු පැත්ත පිරිසිදු කර ගෙන තෙත මාත්තු කර ගත් මුහුනේ සහ බෙල්ලේ ඇස් වටා හැර හොදින් කවාකාරව පිරිමදින්න..😊 විනාඩි 2-4ක් පමණ පසුව මෙය සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කර ගන්න😊😊😊       🍅 තක්කාලි වල ඇති antibacterial ගුණය නිසා ඔයාගෙ සමෙහි ඇති බැක්ටීරියා විනාශ කරනවා..      🍅 අවුවට පිලිස්සුන සම ඉවත් කර ගැනීමට උපකාරී වේ      🍅  සමෙහි සිදුරු විවර

Full body skin glowing treatment

Image
කොහොමද යාලුවනේ ඔන්න අදත් මන් ආවා ඔයාලට ලස්සන රහසක් අරගෙන..😘😘😘😘😘            ගොඩක් දෙනා මැසිවිලි නගන කාරනාවක් තමයි.. අනේ මගේ මූනට වඩා අත් කකුල් කලු වෙලා ස්කින් එකත් ඩ්‍රයි වෙලා කියලා... ඔයාගෙ මුහුන ගැන කොයිතරම් සැලකිලිමත් උනත් වැඩක්නෑ අත් කකුල් ගැන ඔයා උනන්දුවක් නැතිනම් මොකද දකින කෙනෙක්ට ඒක අප්‍රසන්න වෙන්න පුලුවන් ..                ඉතින් අන්න ඒ ගැටලුවට ගොඩක් හොද ප්‍රතිඵල ගන්න පුලුවන් ට්‍රීට්මන්ට් එකක් ගැන කියලා දෙන්නයි ඔන්න අද මන් සූදානම...😘😘😘😘                               අපිට මේකට මුලින්ම අවශ්‍ය වෙනවා පිරිසිදු පොල්තෙල්...... පිරිසිදු පොල් තෙල් ස්වල්පයක් ගෙන අත් වල කකුල් වල ආලේප කරලා හොදින් සම්බාහනය කරන්න ඕනි යාලුවනේ   .... එසේ විනාඩි 10ක් පමණ සම්බාහනය කර ගත් පසුව අපි මේ පොල් තෙල් ටික ශරීරයෙන් ඉවත් කර ගන්න ඕනී ඒකට සුදුසු කපු රෙදි කැබැල්ලක් හෝ ටිශූ බාවිතා කරන්නත් පුලුවන් අපිට... ශරීරයේ උඩු අතට පිස දමමින් අපි ශරීරයේ ආලේප කර ගත් පොල් තෙල් ටික පිසදාගන්න ඕනී...  එතකොට ඔයාලටම බලා ගන්න පුලුවන් ඒ රෙදි කැබැල්ලට හෝ ටිශූ එකට ඔයාගෙ ශරීරයේ තියෙන කුණු ගැවිලා තියෙනවා ... ඔයාගෙ ස්කින්

Rose bud tea

Image
හායි යාලුවනේ          ඔන්න ඔයාලට අද ඉදන් හැමදාම ලස්සන රහස් අරන් එන්න මන් සූදානම්... ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා හැමදාම www.beautytipswithsenu.com එක්ක දිගටම රැදිලා ඉන්න කියලා ..😘😘😘😘... හරි යාලුවනේ අද මන් පලමුවරට ඔයාලට කියලා දෙන්න හදන්නේ රෝස තේ ගැන..🌹 ☕  හැමෝම දන්න දෙයක් නේ රෝස වතුර වලින් ටෝනර් එකක් හදා ගන්න එක... ඉතිං අපි අද අලුතින් ඉගෙන ගමු මේ රෝස තේ එක ගැන මොකක්ද මේ රෝස තේ කියන්නෙ?... ඒකෙන් අපිට ලැබෙන ගුණ මොනවාද? 🌹රෝස තේ වලින් ඔබේ සෞඛ්‍යයට බොහෝ ආකාරවලින් වාසි ලැබෙන අතර එය ඔබට නොදැනීම සිදු වන්නකි.... 🌹 රෝස මලෙහි අඩංගු වන විටමින්  A , C සහ antioxidants  නිසා සමට හොද ආරාක්ශාවක් ලැබෙනවා වගෙම කලක් බාවිතා කිරීමෙන් සුමුදු සමක් ලබා ගන්න පුලුවන් .. 🌹තෙල් සහිත සමට හිතකරයි.. කුරුලෑ ඇතුලාන්තයෙන්ම සුවපත් කරයි.. 🌹හිසකෙස් වලටද වඩාත් ගුණදායක වේ.. ☕  rose bud tea එක හදා ගන්නේ කොහොමද කියලා බලමු..😍😍😍 මුලින්ම මේකට අවශ්‍ය වෙනවා රෝස පොහොට්ටු.. හෝ රෝස මල් පෙති.. යාලුවනේ ඔයාලා රෝස පොහොට්ටු ගන්නවානම් පෙති ගොඩක් දිගනොහැරුනු රෝස පොහොට්ටු අරගන්න.. මොකද පෙති බාගෙට දිගහැරුනු රෝස පොහ